👇🏻👇🏻👇🏻
1. සම්බන්ධතාවය වැඩි කරගැනීම සඳහා අදහසක්: සෑම පුහුණු සැසියකම ආරම්භයේදී, මිනිත්තු දෙකක් ගත කර ඉදිරි සැසිය තුළ ක්‍රීඩකයන්ට ඔවුන්ගේම පෞද්ගලික අරමුණු තෝරා ගැනීමට උදවු කරන්න.
මේ සඳහා ඔබට ඇසිය හැකි ප්‍රශ්නයක් වන්නේ
පුහුණුකරු: “අද අපි වැඩ කරන්න යන්නේ ඔයාගේ ස්කිල්ල් එකේ මොන පාර්ට් එකද? මේ පාර්ට් එක වැඩ කරනකොට ඔයා විශේෂයෙන් අවධානය යොමු කරන්නේ මොනවටද? මේ පාර්ට් එක ඉම්ප්රෝවේ උනොත් අපිට මොන වගේ දෙයක් දකින්න පුළුවන් වෙයිද?
සෑම ක්‍රියාකාරකමකටම පෙර ක්‍රීඩකයන්ට ඔවුන් එම ක්‍රියාව සිදු කරන අයුරු මුලින්ම මනසින් දකින්න අවස්තාව ලබා දෙන්න. මේ ආකාරයෙන් පුහුණුව ඇරඹීම තුලින් ඔබ ක්‍රීඩකයින්ට හිතාමතා පුහුණුවීම්වල නිරත වීමට අවස්ථාව උදා කරයි. "අරමුණු සහගත පුහුණුව, හිතාමතා පුහුණු වීම පුරුදු කරයි!"
👇🏻👇🏻👇🏻
2. ඉගෙනීම ඇති කිරීම සඳහා අදහසක්: පුහුණුව අතර විරාමයන්හිදී ක්‍රීඩකයන්ගේ අවබෝධය පරීක්ෂා කරන්න...
සුළු ප්‍රශ්නයක් අහන්න…
"අප දැන් කරපු ද්රිල්ල් එක සෙනසුරාදා මට්ච් එක හොඳට කරන්න උදව් වෙන්නේ කොහොමද?"
ප්රශ්නය ඇසීමෙන් පසු ක්‍රීඩකයින්ට ඔවුන් අතර එය කතා කිරීමට ඉඩ දී පැත්තකට වන්න ...ඉක්මනින් ඔබට පිළිතුරක් ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් වලකින්න
එසේ කිරීමෙන් ඔවුන් අදහස් හුවමාරු කරගෙන එකට එක් වී පිළිතුරක් ගැන සිතිය යුතුය... මේ තුළින් අවසාන ක්‍රියාකාරකම පිලිබඳ ඔවුන්ට තනි තනිව සහ සාමූහිකව අර්ථකථනය කිරීමට සිදුවේ... ඔවුන් ක්‍රියාවට නැංවූ දේ පිලිබඳ නැවත නැවත සිතා බැලීමෙන්, ඔවුන් එය ඉතා ගැඹුරු ආකාරයකින් ඔවුන්ගේ දිගු කාලීන මතකයේ තැන්පත් කර ගනු ඇත.
👇🏻👇🏻👇🏻
3. දක්ෂතා දැක්වීම සඳහා අදහසක්: ක්‍රීඩකයින් තරඟ කරන විට ඔවුන් පිටතට ප්‍රදර්ශනය කිරීමට කැමැති ප්‍රතිරූපය පිළිබිඹු වන වචන දෙකක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.
උදාහරණ ලෙස - නිතර අවදියෙන් සිටින, ක්‍රියාශීලි, වේගවත්, ශක්තිමත්, සන්සුන්, අවධානයෙන් යුත්, උද්යෝගිමත්, උපරිම උත්සාහය දක්වන, වැරදි ඉක්මනින් හදා ගන්නා ...
මෙම වචන ඔවුන්ගේ තරඟකාරී පෞරුෂය බවට පත් කිරීමට ක්‍රියා කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න... උදාහරණයක් ලෙස: උද්යෝගිමත් සහ නිර්භය ක්‍රීඩකයෙකු හෝ සන්සුන් සහ ආක්‍රමණශීලී ක්‍රීඩකයකු
තරඟ අතරතුර කුමක් සිදු උවත් ඔවුන්ගේ තරඟකාරී පෞරුෂය පිළිබිඹු කරන ලෙස ඔවුන්ට මතක් කරන්න.
මෙවැනි ක්‍රියාව මත පදනම් වූ වචන වැදගත් වන්නේ ඇයි? එය ක්‍රීඩකයන්ට දක්ෂතා දැක්වීමට අවශ්‍ය ඔවුන්ගේම ශෛලය දියුණු කර ගැනීම සඳහා සැලැස්මක් ලබා දෙන බැවිනි. පුද්ගලයකුගේ මොළයේ ඇති ‘භාෂා ජාලය’ ඔහුගේ ශරීරය සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ වීම නිසා එයට සම්බන්ධ ක්‍රියාව සිදු කිරීම පහසු කරයි.
තරඟකාරී පෞරුෂයක් දියුණු කර තිබීමෙන්, ක්‍රීඩකයින්ට පීඩනය යටතේ තමන්ව පාලනය කරගෙන හොඳ දක්ෂතා දැක්වීමට උදව් කරයි.
ඔබේ ක්‍රීඩකයින් එකිනෙකා හා සම්බන්ධ කරගන්න
ඔබේ ක්‍රීඩකයින්ට ඉගෙන ගැනීමට උදවු කරන්න
ඔබේ ක්‍රීඩකයින්ට දක්ෂතා දැක්වීමට උදවු කරන්න