උසස් පුහුණුකරු සහතිකය (Advance Coaching Course)
උසස් පුහුණුකරු සහතිකය, පුහුණු කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කරන පුහුණුකරුවන් සඳහා සකස් කර ඇත. මෙම පාඨමාලාව මඟින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පුහුණුකරුවන්ගේ අවබෝධය පුළුල් කරනු ඇත, පුහුණුකරුවන්ගේ වෘත්තීමය ක්‍රිකට් කුසලතා මුවහත් කරනු ඇත, ක්‍රීඩාව තුල සබඳතා ගොඩනඟා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරනු ඇත, තවද පුහුණුකරුවෙකු ලෙස ගැඹුරු දැනුවත්භාවය වර්ධනය කරනු ඇත. මෙම පාඨමාලාව ඔන්ලයින් මොඩියුල සහ දින දෙකක වැඩමුළු යන කොටස් දෙකකින් සමන්විත වේ. එම කොටස් දෙකම සම්පුර්ණ කිරීම තුලින් අවසාන සහතිකය ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. මුහුණට මුහුණ සැසිවලට සහභාගී වීමට පෙර පුහුණුකරුවන් ඔන්ලයින් මොඩියුල සම්පූර්ණ කළ යුතුය.
The Advanced Coach Certificate is tailored to coaches seeking to enhance their knowledge of coaching and the game of cricket. This course will broaden coaches' understanding of the sport, sharpen their professional cricket skills, improve their ability to build relationships, and foster deeper self-awareness as a coach. Coaches are required to complete online modules prior to attending face to face session(s).