Your Cart

straightening සහ Rebonding වල රසායනික ගැන ඉතාමත් සරලව

On Sale
$8.00
$8.00
Added to cart
straightening සහ Rebonding කරන සහ කරගන්නා සියලු දෙනාම මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම කාලීනව වැදගත් වෙනව.ඒකට හේතුව නම් මෙය පැහැදිලිවම ප්‍රතිකාරයක් නොවන අතර විලාසිතාවකට අනුව හිසකෙස් සැකසීමක් වන බැවින් මෙහිදී හිසකෙස් වලට වන හානිය දිනෙන් දින වැඩි වෙමින් පවතිනව.ඒ වගේම මෙම සැකසීමේ නිමව ඉතාමත් සිත් ගන්නා බැවින් මෙය කරගැනීමට උනන්දු වන කාන්තාවන නොදැනුවත්වම හෝ අවබෝධයකින් තොරව  විලාසිතාවට උනන්දු වීම නිසා නීරෝගී හිසකෙස් රෝගී කරගනී.විලාසිතා කිරීම කිසිසේත්ම වරදක් නොවේ.එහෙත් වැදගත් වන්නේ ඒ සඳහා භාවිතා කරනු ලබන නිෂ්පාදන වල ගුණාත්මක භාවය ගැන සැලකිලි මත නොවී අඩු වියදමකින් කරගැනීමට ගොස් කරගන්නා පාඩුවයි.ඊට පසු හිසකෙස් යතා තත්වයට ගැනීම සඳහා ඊටත් වඩා මුදලක් වැයකරමින් තැන තැන රතියදු වීම බොහෝ විට දකින්න පුළුවන්.

මේ සඳහා යම් තරමකින් රුපලාවන්‍ය ශිල්පීන්ද වගකිව යුතු වෙනව.මක්නිසාද නිවැරදි නිෂ්පාදන භාවිතා කිරීම ඔවුන් සතු වගකීමක්.නිෂ්පාදනය ගැන විමසා සිටීම පැමිණෙන සේවාලාභියාගේ අයිතියක් උවද එසේ පැහැදිලි අවබෝධයක් ලබාදීමට රුපලාවන්‍ය ශිල්පියාටද ඇති අවබෝධය හා දැනුම ප්‍රමාණවත් නොවීම කණගාටුවට කරුණක්.එම නිසා නොවරදවාම කියවන්න.
You will get a PDF (171KB) file