Refer a friend and get % off! They'll get % off too.

කතරගම පාද යාත්‍රා - දැනගතයුතු සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ

පාද යාත්‍රා යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ද ? කලින් ගිහිල්ලත් නැද්ද ? එක්කන් යන්න කලින් ගියපු කෙනෙකුත් නැද්ද ? එහෙනම් ඔයාටම තමයි මේ විස්තර ටික.

ගියපු අයගේ රසකතා කියවලා තිබුනට යන්නේ කොහොමද? සූදානම් වෙන්නේ කොහොමද ? අරන් යන්න ඕනේ මොනවද ? නතරවෙන තැන් මොනාද ? කියලා කවුරුවත් කියලා නැ නේද ? අහන්න ගියාමත් සැහෙන්න කට්ටක් කන්න වෙනවානේ නේද ?

එහෙනම් ඒ කරදරේ ඉවර කරන්න මම ලිව්ව පොඩි Travel Guide එකක්.මේක ගිය පාර අපි යන්න සැලසුම් කරනකොට සෙට් එකේ අයව දැනුවත් කරන්න ලියපු එක.ඒකටම තව කරුණු එකතු කරලා පොඩ්ඩක් අලුත්වැඩියා කරා.

කැමති නම් ඩවුන්ලෝඩ් කරන් සූදානම් වෙලා පරිස්සමට ගමන ගිහින් එන්න.පහත සදහන් දේවල් මේ Travel Guide එකේ ඇතුලත් වෙනවා.

  • කතරගම පාද යාත්‍රාව හදුන්වා දීම
  • ගමනේ සැලැස්ම
  • කොළඹ සිට පානමට - බස් වෙන් කරගැනීම සහ ඩ්‍රයිවර් කොන්දොස්තර දුරකථන අංක සහිතව
  • පානමින් ඔකදට වාහනයක් වෙන් කර ගැනීම - දුරකථන අංක සහිතව
  • රැගෙන යා යුතු පුද්ගලික දේවල්
  • රැගෙන යා යුතු පොදු දේවල්
  • කැම බීම රැගෙන යැම
  • කැම වේල් 15ක් සදහා සැලසුම්
  • රැගෙනයා යුතු මූලික ප්‍රථමාධාර
  • රැගෙනයා යුතු ඇදුම් පැලදුම්
  • විශේෂ කරුණු
  • මූලික දෙමළ දැනුම - හදිස්සි අවශ්යතාවකදි දෙමළ බැතිමතුන් හා අදහස් හුවමාරු කිරීමට
  • වැදගත් දුරකථන අංක
  • සිතියම
  • GPS Track සිතියම

වෙන මොනාද ඕනේ ? ජයවේවා. මට GPS Track එක දුන්නේ Chinthaka සහෝදරයා.ඒ නිසා මගේම  Track එකක් මම රෙකෝඩ් කරේ නැ.ඇත්තටම GPS Track එක අනිවාර්‍ය නැ.ලග තියෙනවට හොදයි.ඒ වගේම දෙමළ වලට උපකාර උනේ .Sandeepani Abeysinghe

You will get a ZIP (2MB) file

$ 1.00

$ 1.00

Buy Now

Discount has been applied.

Added to cart
or
Add to Cart
Adding ...