Fast Bowling Biomechanical Masterclass
වේග පන්දු යැවීම පිළිබඳ ප්‍රවීණ පාඩම් මාලාව වේග පන්දු යැවීම පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කරන පුහුණුකරුවන් සඳහා සකස් කර ඇත. මෙම පාඨමාලාව මඟින් වේග පන්දුකරණය පිළිබඳ පුහුණුකරුවන්ගේ අවබෝධය පුළුල් කරනු ඇත, පුහුණුකරුවන්ගේ වෘත්තීමය ක්‍රිකට් කුසලතා මුවහත් කරනු ඇත, වේග පන්දුකරණය දියුණු කිරීමේ හැකියාව වැඩි දියුණු කරනු ඇත, තවද පුහුණුකරුවෙකු ලෙස වේග පන්දුකරණය පිලිබඳ ගැඹුරු දැනුවත්භාවය වර්ධනය කරනු ඇත. මෙම පාඩම් මාලාව ඔන්ලයින් මොඩියුල සහ එක් දින වැඩමුළු යන කොටස් දෙකකින් සමන්විත වේ. එම කොටස් දෙකම සම්පුර්ණ කිරීම තුලින් අවසාන සහතිකය ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. මුහුණට මුහුණ සැසිවලට සහභාගී වීමට පෙර පුහුණුකරුවන් ඔන්ලයින් මොඩියුල සම්පූර්ණ කළ යුතුය.
The fast bowling masterclass is designed for coaches seeking to enhance their knowledge of fast bowling. This course will broaden coaches' understanding of fast bowling, hone their professional cricket skills, improve their ability to develop fast bowlers, and deepen their overall expertise in the discipline. The course consists of two components: online modules and one-day workshops. Participants will be eligible to receive a final certificate upon completing both components. Coaches are required to complete the online modules before attending the in-person sessions.