sensitive skin ගැන කතා කලොත් හැමෝටම මේ ප්‍රශ්නේ තියනව.ලස්සන වගේම මේ සංවේදී සම කියන එක ප්‍රස්නයක් තමයි.ප්‍රතිකාර කිරීමට කලින් ඉගෙන ගන්න වැදගත්.....
On Sale
$12.00
$12.00
sensitive skin එකක්ද තියෙන්නේ කියල ඇහුවොත් 50% කට වඩා වැඩි පිරිසක් ඔව් කියල තමයි කියන්නෙ .අදට පවතින ගෝලීය තත්වය සහ ජීවන හේතු කාරනා සාධක මත මේ තත්වය ඉහල යාම ගැනත් කතා කරනවා නම් වෙනම ලිපියක් කරන්න පුළුවන්. නමුත් යථාර්ථය නම්, බොහෝ මිනිසුන්ට ස්වාභාවිකවම සංවේදී සමක් නැහැ. යම් යම් හේතු මත ඔවුන්ගේ සම සංවේදී වීමට හේතු දීල තියනව .දැන් මේ සංවේදීතාව බොහෝ දෙනෙකුට පොදු ගැටළුවක් බවට පත්වෙලා තියෙන්නෙ ඉතිං මොකක්ද මේ sensitive skin එකක් නැත්නම් සංවේදී සමක් කියන්නෙ කියල පැහැදිලි කිරීම තමයි මේ ලිපියේ අරමුණ.ප්‍රතිකාර වලදී මේ පිලිබඳ දැනුවත් වීම ඉතා වැදගත්.මොකද අපි ලඟට එන කෙනා එන්නෙ ඒ ගැන අපිට හොඳ අවබෝධයක් ඇති කියල හිතාගෙනයි.